බටහිර ගීත ක්ෂේත්‍රයේ ‘රොක් ඇන්ඩ් රෝල්‘ ගී රැජන ලෙස විරුදාවලිය ලැබූ ටීනා ටර්නර් ස්විට්සර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 83 හැවිරිදි වියෙහි පසු වූ ඇය දිගු කාලයක් බඩවැල ආශ්‍රිත පිළිකා රෝගයට ගොදුරු වී සිටියාය.
අමෙරිකාවේ උපන් ටීනා ටර්නර් 70 දශකයේ අග භාගයේ සිට බටහිර සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ගීත රැසකට හිමිකම් කියමින් ජාත්‍යන්තර වශයෙන් අතිවිශාල කීර්තියක් ලබා සිටියාය. ඇය විසින් ගයනු ලැබූ What’s Love Got to Do සහ The Best ඇතුළු ගීත ගණනාවක් එවකට බටහිර ගීතලෝලීන් උන්මාදයට පත් කිරීමට සමත්වී තිබිණි.
එවකට ඇගේ ගීත තැටි ලොව පුරා මිලියන 100කට වඩා අලෙවි වූ අතර, ග්‍රැමී සංගීත සම්මාන 8ක් ද දිනා ගැනීමට ඇය සමත් වූවාය. උපතින් කතෝලික ජාතිකයකු වුවද 70 දශකයේ අග භාගයේදී බුදු දහම වැලඳගත් රොක් ඇන්ඩ් රෝල් ගී රැජන සිය ජීවිතයේ අවසන් කාලය බෞද්ධ දර්ශනයට අනුව ගත කළ බව ද වාර්තා වේ.
Source:: E Media