කළුතර උපකාරක පංති ගුරුවරයා ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කළුතර ප‍්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ සැකකරු අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරු අධිකරණයට ගෙන ආ මොහොතේ කළුතර උතුර ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙස මෙන්ම නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලමින් නිභඬ විරෝධතාවක ද නිරත වු බව සදහන්.

The post කළුතර උපකාරක පංති ගුරුවරයා ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24