ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමග ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳ පොලේ යුරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු යොදා ඇත.
ඒ අනුව යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ (25) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර 2021 මහ කන්නයේ සිට පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු ණය ප්‍රමාණය රුපියල් මිලියන 20,000න් 18,000ක්ම ගෙවා අවසන් කර ඇත.
2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බවඅ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Source:: E Media