ජනපති වියට්නාම නියෝජ්‍ය අගමැති හමුවෙයි

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර වියට්නාම නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ට‍්‍රාන් ලූ ක්වැන්ග් හමුවී තිබෙනවා.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකර තිබෙනවා.

එමෙන් ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී ජපාන ඩිජිටල් අමාත්‍ය ටාරො කොනො ද මුණගැසී තිබෙනවා.

මෙරට රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

The post ජනපති වියට්නාම නියෝජ්‍ය අගමැති හමුවෙයි appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24