මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව පියවර ගන්නැයි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාරදී තිබේ.

නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (24) උදෑසන රේගු භාරයට ගැනිණි.

එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවය.

පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුණි.

කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවය.

 

The post මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව පියවර ගන්නැයි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකගෙන් ඉල්ලීමක් appeared first on Kubiyo News.

…read more

Source:: Kubiyo News