කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පළා යයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළ රැඳවියෙක් මෙලෙස පළාගොස් ඇති බවයි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරදිකරුවෙකු වී මාස දෙකක සිරදඬුවම් විඳිමින් සිටි අයෙකු බව සදහන්.

The post කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පළා යයි appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24