ජනපති රනිල් ජපානයේ නිකෙයි සමුළුවේ දී ආසියාවේ අගය ලොවට පහදයි

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එරට හිටපු අග‍්‍රමාත්‍ය යසු ඕ ෆුකුඩා අද උදෑසන සංවිධාන කළ භෝජන සංග‍්‍රහයකට සහභාගි වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ටෝකියෝ නුවර දී මෙම උදෑසන භෝජන සංග‍්‍රහය සංවිධාන කර තිබූ බවයි.

එම අවස්ථාවට ජපාන ශ්‍රී ලංකා සංගමයේ නියෝජිතයින් ද එක්ව සිටියා.

එහිදී දෙදෙනා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී රටේ ආර්ථික ප‍්‍රකෘතිය පිළිබඳ කරුණු දැක් වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා යළි මෙරටට පැමිණ ආයෝජනයන්හි නිරතවන ලෙස ද ජපන් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපන් අග‍්‍රාමාත්‍ය ෆුමි ඕ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යතාවක් කර ගොඩනැගීම සඳහා ජපානය ලබාදෙන සහය පිළිබඳ සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එසේම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර පැවති ආසියාවේ අනාගතය පිළිබඳ නිතී සංසදය අමතනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ගොලීය ජනගහණයෙන් සියයට 60 කගේ නිවහන බවට පත්ව ඇති ආසියාව ගෝලීය වර්ධනයට ප‍්‍රධාන දායකත්වයක් සපයන ලෝකයේ විශාලම ආර්ථිකය හිමි රටවලින් සමන්විත බවයි.

විශේෂයෙන් චීනය ප‍්‍රකෘතිමත් වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලූම සහ ජපානය මෙන්ම දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයක් සහිත රටවල සහයෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා සිය දේශණය අතරතුර ආසියාව ප‍්‍රධාන වශයෙන් මුහුණ දෙන අභියෝග 03 ක් පිළිබඳ අවධානය යොමු කළා.

ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්, මානව හිමිකම් හා දේශගුණික විපර්යාස මෙන්ම වෙළඳ ඒකාබද්ධතාවයයි.

ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ විවිධ දේශපාලන විග‍්‍රහයන් සහ ඉදිරිපත් කර ඇති මතවාද ඔස්සේ ජනාධිපතිවරයා සිය දේශණය ඉදිරිපත් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

The post ජනපති රනිල් ජපානයේ නිකෙයි සමුළුවේ දී ආසියාවේ අගය ලොවට පහදයි appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24