මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනා.
එම තීරණය ගනු ලැබුවේ පසුගිය 11 වන දා පැවති පක්ෂ නායක රැස්වීමේදියි.
මේ අතර ඡන්ද විමසීමේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කළ යුතු යැයි සිදුකළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 77ක් පමණි. ඒ අනුව අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.
The post මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි appeared first on Kubiyo News.
Source:: Kubiyo News