2023 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බැවින් මේ වන තෙක් ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් වහාම ග‍්‍රාම නිලධාරීවරයා හෝ දිස්ත‍්‍රික් ලේකම්වරයා හමුවන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලිමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පසුගිය වර්ෂයේ ලියාපදිංචි වී ඇති ඡන්ද හිමියෙකු මියයෑම හෝ පදිංචිය වෙනස් වීම හෝ වෙනත් හේතුවක් නිසා මෙම වර්ෂයේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් නොලබන විටදී ඒ පිළිබඳව ද කඩිනමින් ඔහුට අයත් වසමේ ග‍්‍රාම නිලධාරීවරයා දැනුම්වත් කළ යුතු බවයි.
ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක‍්‍රියාත්මක කිරීමට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්යය අවශ්‍යතාවයක් බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post පැෆරල් සංවිධානයෙන් ඡන්ද දායකයින් වෙත දැනුම් දීමක් appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24