සතොස ආයතනය විසින් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව සතොස කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 50 කින් අඩු කර ඇති අතර වියළි මිරිස් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 45 කින් අඩු කර ඇති බව සඳහන්.
එසේම රතු පරිප්පු කිලෝග‍්‍රෑමයක් රුපියල් 10 කින්, ලොකු ලූණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 06 කින්, සුදු සීනි කිලෝග‍්‍රෑමයක් රුපියල් 04 කින් අඩු කර තිබෙනවා.
මීට අමතරව සෝයාමීට් කිලෝග‍්‍රෑමයක තොග මිල ද රුපියල් 10 කින් පහත දමා ඇති බව ලක් සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
The post සතොස තවත් භාණ්ඩ 06 ක මිල අඩු කරයි appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24