බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක ඩෙවොන් තෝමස්ට එරෙහිව තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ ලංකා ප්රිමියර් ලීග්, කැරිබියන් ප‍්‍රිමියර් ලීග් සහ අබුඩාබි T10 තරග මුදලට පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා කරමින්.
ICC දුෂණ විරෝධී නීති අනුව තෝමස්ට එරෙහිව චෝදනා 7ක් එල්ලකර ඇති අතර ඒ සඳහා පිළිතුරු සැපයීමට ඔහුට දින 14ක කාලයක් ලබාදී තිබෙනවා.
තෝමස් 2021 ලංකා ප්රිමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩාකළ අතර එහිදී තරගයක් මුදලට පාවාදීමට උත්සාහ කිරීම ඔහුට එරෙහිව එල්ලකර ඇති බරපතළම චෝදනාවයි.
The post බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක ඩෙවොන් තෝමස්ට එරෙහිව තරග තහනමක් appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24