රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නැතහොත් ජාතික රූපවාහිනිය යනු අපේ රටේ එක් පැත්තකින් ගතහොත් නිදා සිටින මහා යෝධයෙක් ලෙස හැදින්වීම වරදක් නැත.

මේ දිනවල යළිත් ජාතික රූපවාහිනිය පිළිබඳ කතා බහට ලක්වෙමින් පවති. එයට හේතු කිහිපයකි. ඉන් පළමු වැන්න වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස මේවන විට සංස්ථාවේ එදිනෙදා වියදම් ද පියවා ගැනීම අසීරු තත්ත්වයක පැවතීමයි. එසේම ආයතනයේ කොටස් විකිණීමට රජය මේවන විට පිඹුරුපත් සකසමින් සිටින බවට වන රාවයයි.

කෙසේ නමුත් මේවන විට සංස්ථාවේ සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් නිවේදනය කර තිබේ. ඒ් අනුව ස්වේච්ඡා සේවක විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයට අදාළ අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය 2023.05.10වැනිදායින් නිමාවට පත් විය.

කෙසේ වෙතත් ඇතැම් වැඩසටහන් සිය ආකෘතීන් තරමක් දුරට වෙනස් කරමින් ක්‍රියාත්මක වෙමින් පැවතිය ද අපේක්ෂිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තවමත් බොහෝ වැඩසටහන්වලට ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතීම කණගාටුවට කරුණකි.

සාමාන්‍යයෙන් මාධ්‍ය ආයතනය ප්‍රධානතම අංශය හෙවත් ‘හදවත’ ලෙසින් සැලකිය හැක්කේ ප්‍රවෘත්ති අංශයයි. ප්‍රවෘත්ති විකාශයේ ප්‍රබලත්වය මත මාධ්‍ය ආයතනයේ බොහෝ දෑ රදා පවතී. විශේෂයෙන්ම වෙළෙඳ දැන්වීම්වල සිට ප්‍රේක්ෂක ආකර්ශණය දක්වා එය හැදින්වය හැකිය.

නමුත් මීට පෙර සිට ජාතික රූපවාහිනීයේ සභාපති සොනාල ගුණවර්ධනගේ මැදිහත් වීම මත රූපවාහිනී ප්‍රවෘත්ති සදහා වූ අනන්‍ය වේලාව වූ රාත්‍රී 08.00 ප්‍රවෘත්ති ප්‍රකාශ වේලාව සවස 6.50 දක්වා ගෙන ඒම තුළ ප්‍රවෘත්ති සදහා පැවැති යම් ප්‍රේක්ෂක ආකර්ශණයක් තිබුණානම් එය ද විනාස කර දමන්නට සමත්විය. එය සිදු කරන ලද්දේ හුදෙක්ම සොනාල ගුණවර්ධනගේ තනි උපදෙස් මත පමණි. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී එවකට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විමසා සිටියේ රූපවාහිනී ප්‍රවෘත්ති වේලාව වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් වූ පූර්ව පර්යේෂණයක් ප්‍රේක්ෂකයන්ගෙන් සිදු කර ඇත් ද යන්නයි. නමුත් එවැනි කිසිවක් නොමැතිව රූපවාහිනියේ ලාංඡනය ද වෙනස් කරමින් ප්‍රවෘත්ති ප්‍රකාශය අන්ත අසරණ තත්ත්වයකට සොනාල ගුණවර්ධන විසින් ඇද දමන ලද්දේ අතිශය ඛේදජනක ලෙසිනි.

ඒ කෙසේ නමුත් 2022 වසරේ අගභාගයවන විට ප්‍රේක්ෂක ආකර්ෂණයේ 03වෙනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී පුවත් විකාශය මේවන විට පත්ව ඇත්තේ ඊටත් වඩා අන්ත තත්ත්වයකට ය. ඇතැම් විට ප්‍රවෘත්ති ප්‍රකාශය අරමුණක් නොමැතිව යන ගමනක් දක්නට ලැබේ. එසේම තවත් පැත්තකින් ‘පොහොට්ටුවේ’ හොරනෑවක් වී තිබේ. විශේෂයෙන්ම මැයි පළමුවැනිදා මැයි රැලි සම්බන්ධයෙන් දහවල් 12 …read more

Source:: Info Sri Lanka