ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.
මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර තිබෙනවා.
ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5,555 ක් බව එහි දැක්වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වැනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී ඇති අතර 2021 වසරේ එහි ඒ පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 ක් වන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබෙනවා.
එම රටවල ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වන බවයි වාර්තා වී ඇත්තේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 ක් බවයි සඳහන් වන්නේ.
The post ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර ශ්‍රී ලංකාවත් appeared first on Kubiyo News.
Source:: Kubiyo News