ධූර කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල කටයුතු කරගෙන යෑම උදෙසා චක්‍රලේඛයක් මගින් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට පත්කිරීම් සිදු කිරීමේ බලය ලබා දී ඇති බවත්, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් සහ ආණ්ඩුකරු අතර සම්බන්ධීකරණයට ඔවුන් පත් කිරීමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මැතිවරණය නොපවත්වා විවිධ කරුණු කාරණා කියමින් ආණ්ඩුව මෙවැනි වැඩ කටයුතු සඳහා දේශපාලන පත්වීම් ලබා දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, අදාල චක්‍රලේඛය හැන්සාඩ් ගත කරන බවත්, මාධ්‍ය ආයතන වලට පවා ලබාදෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

The post සෑම පළාත් පාලන ආයතනයකටම විශේෂ නියෝජිතයෙක් appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.
Source:: Info Sri Lanka