එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුම්

එක්සත් ජාතීන්ගේ 28 වැනි දේශගුණික විපර්යාස සමුළුව හෙවත් කොප් 28 සඳහා සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනා පත‍්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ නිල වශයෙන් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

සමුළුව සඳහා ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන් සහභාගී වන අතරඑ එය නොවැම්බර් මස 30 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

The post එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුම් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24