ජුලි මස 01 වැනිදා දින සිට ක‍්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200 ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30 ක්.
මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100 ක් සහ ළමුන් සඳහා රුපියල් 20 ක් ලෙස අයකිරීම් සිදුකෙරුණා.
The post උද්භිද උද්‍යාන වෙත ඇතුළු වීමේ ගාස්තු ඉහළට appeared first on News 24 | Sitha 88.8.
Source:: News 24