ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු මරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප‍්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ කොල්ල කා පලා ගොස් ඇති බව සදහන්.

එමෙන්ම පසුගිය මස පළමු වැනිදා ඇල්පිටිය ප‍්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපොළ කොල්ලකෑමේ සිද්ධියට ද මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යගිරල ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරා ගන්නා ලද භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

The post ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු මරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24