ජනපති කළ බලය බෙදීමේ ඇරයුමට සියලු පක්ෂ එකඟ වේ.

සියලු දේශපාලන පක්ෂ  බලය බෙදීමට එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් පැවැත්වීම සදහා දින නියම කිරීම අද පාර්ලිමේන්තුවේදී  සිදුවිය . මෙම සාකච්ඡාව එළඹෙන දෙසැම්බර් මාසයේ 08 – 09 -10 දිනයන්හි සිදුකිරීමට කාලය වෙන් කිරීම සදහා පක්ෂ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේදී තීරණය කරනු ලැබීය.

බලය බෙදීම සදහා යෝජනාවන් පිළිබද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂයන්හි නායකයන් අමතමින් කළ විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , දෙමළ ජාතික සන්ධානයේ එන්. සුමන්තිරන්, සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් එකඟතාවයකට පැමිණි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්‌ගේ එක මුතුවෙන් බලය බෙදීම සදහා පොදු සම්මතයකට පැමිණිම විසින් පවතින දේශපාලනික අර්බුදයන්ට විසදුම් ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

…read more

Source:: Lanka Target