ළමා ලාදුරු රෝගින්ගේ වර්ධනයක්

මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් රණවීර මහතා සඳහන් කලේ කොවිඞ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීම අවම මට්ටමක පැවති බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන්.

The post ළමා ලාදුරු රෝගින්ගේ වර්ධනයක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24