ප‍්‍රමිතිය සහතික නොකළ ටින් මාළු තොගයක් ගැන විගණන වාර්තාවකින් හෙළිවෙයි

2019 වර්ෂයේ සිට 2021 වර්ෂයේ ජුනි දක්වා කාල සීමාව තුළ මෙරටට ආනයනය කළ ටින් මාලු තොගයක් කිසිඳු නියැදී පරීක්ෂාවකින් හෝ ශ‍්‍රී ලංකා ප‍්‍රමිත කරන ආයතනයේ සහතික කිරීමකින් තොරව රේගුවෙන් නිදහස් කර ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා අවසන් කරන ලද ශ්‍රී ලංකා ප‍්‍රමිතිකරණ ආයතනය ගැන සිදු කළ මෙම විගණන වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ අදාළ කාලසීමාව තුළ ආයතන 31කින් ආනයනය කරන ලද ටින්මාලු බහාලූම් ලක්ෂ 44 ක් මෙලෙස මුදාහැර ඇති බවයි.

එසේම ආනයනික භාණ්ඩ වල නියැදි පරීක්ෂාවට ගත කරන කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් ගුදම් ගාස්තු අධික වීම වළක්වා ගැනිමට ඒවා ආනයනකරුවන්ගේ ගුදම් වෙත මාරු කිරිමට රේගුවෙන් අවසර ලබා දී ඇති බව සඳහන්.

මෙලෙස මුදාහරින ලද භාණ්ඩ සම්බන්දයෙන් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ප‍්‍රමිති ආයතනය කටයුතු කර නොමැති බව ද ඒ සම්බන්ධයෙන් සිදුකළ විගණනයේදී අනාවරණ වී තිබෙනවා.

ආනයනික කිසිඳු ආහාර ද්‍රව්‍යයක් සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතිකය ලබාගැනිම අනිවාර්ය කර නොමැතිි බව ද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

The post ප‍්‍රමිතිය සහතික නොකළ ටින් මාළු තොගයක් ගැන විගණන වාර්තාවකින් හෙළිවෙයි appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24