හම්බන්තොට මන්දපෝෂණය ගැන හෙළි කිරීමෙන් වැඩ තහනමට ලක්වූ වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ තමාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලමින්.

හම්බන්තොට, සූරියවැව ප‍්‍රදේශයේ ළමා මන්දපෝෂණයට ගොදුරු වූ ළමුන් පිළිබඳ මාධ්‍ය හමුවේ සිදු කළ තොරතුරු අනාවරණයෙන් පසු වෛද්‍ය චමල් සංජීව මහතා මෙලෙස වැඩ තහනමට ලක් කෙරුණා.

ඒ විමර්ශනයකින් තොරව අදාළ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට පවසමින්.

මෙම වැඩ තහනමට එරෙහිව රුපියල් මිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙස ද වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙක්.

The post හම්බන්තොට මන්දපෝෂණය ගැන හෙළි කිරීමෙන් වැඩ තහනමට ලක්වූ වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24