චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

චීනයේ හයිනෑන් පළාතේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් 38 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අද අළුයම ඇතිවූ මෙම ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.

අනතුරින් සුළු තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

කිසියම් කඩාකප්පාල්කාරීන් පිරිසක් විසින් කර්මාන්ත ශාලාවට ගිනි තබා ඇති බවට ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කළ ප‍්‍රාන්ත පොලිසිය සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

The post චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24