සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චමින්ද රොහාන් මංජු හෙවත් කළු සාගර නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ ස්ටේස් පුර, පළමු අදියර, ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ වැටළීමකදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී කඩුවක්, මන්නා පිහි දෙකක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

25 හැවිරිදි මෙම පුද්ගලයා දිගු කලක් තිස්සේ සැඟව සිට ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට භාර දී තිබෙනවා.

සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු සාගර නමැත්තාගේ ගෝලයෙකු වන මෙම සැකකරු අළුත් කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු බවයි.

The post සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24