ඇමති කෙහෙළිය ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ ගනුදෙනුවක් හරහා රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් විභාගවන නඩුවකට අදාළව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පත‍්‍ර භාර දුන්නා.

අනතුරුව ඔවුන්ට මෙම නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඔවුන් ඇප මත මුදාහරින ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණයට භාර දිය යුතු බවටයි වැඩිදුරටත් නියෝග කළේ.

මෙලෙස විදෙස් ගමන් තහනම් පැනවූ සෙසු පුද්ගලයින් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ටයි.

The post ඇමති කෙහෙළිය ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24