අපි දෙන්නා බැඳලා අවුරුදු 36ක්, අපි ආදර බැම්මෙන් බැදිලා ඉන්නේ [PHOTOS]

අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී යුවළක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ.

මේ දෙන්නා ඉතිං වේදිකාව, පුංචි තිරය හා සිනමාව කියන මේ ක්ෂේත්‍රයෙන්ම තුනේම දක්ෂතා පෙන්වන සහ පෙන්නපු කලා තරු දෙකක්…

රංගන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨතම රංගවේදියෙක් හැටියට ශ්‍රියන්ත මෙන්ඩිස් සිනමාව තුළින් විවිධ චරිත හරහා අපි අතරට ආවා. චරිතාංග රංගන ශිල්පියෙක් විදියට එකිනෙකට වෙනස් වූ චරිත ගණනාවකින්ම රසික හමුවට එනවා….

ඔහුගේ ප්‍රිය බිරිඳ කුසුම් රේණු කියන්නෙත් සිනමාව, වේදිකාව, ටෙලි තිරය කියන මේ සියලු ක්ෂේත්‍රයන් තුළ දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක්.

ඉතින් කලා කෙත පෝෂණය කරපු මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී යුවළ ආදරය ගැන මේ විදියටයි මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ.

” අපි කසාද බැඳලා දැන් අවුරුදු 36ක්. මම හිතන්නේ මේ විදියට අපි එකට ඉන්න හේතුව ආදර බැම්මෙන් බැඳිලා ඉන්නේ. ගැහැනු කෙනා කැමති ආදරය පිරිමි කෙනා කැමති ගෞරවය කරනවාට. ඉතින් මේ විදියට අවබෝධය තියා ගත්තනම් හොද පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.’’

ඉතින් කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් යුවල මේ විදියටයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන විදිය ගැන ඔවදන් ලබා දිලා තිබුණේ.

The post අපි දෙන්නා බැඳලා අවුරුදු 36ක්, අපි ආදර බැම්මෙන් බැදිලා ඉන්නේ [PHOTOS] appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24