දැල්පන්දු ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයේ වෙනසක්

අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඊයේ එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගතකිරීම් අනුවයි.

පසුගිය අගෝස්තු මාසය වන විට එම ශ්‍රේණිගතකිරීම් හි ශ්‍රී ලංකා කණ්ඩායම පසු වුණේ 19 වැනි ස්ථානයේයි.

ඒ අනුව ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රට වන්නේද ශ්‍රී ලංකාවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩයම සුපුරුදු පරිදි මෙම ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ පසුවන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නවසීලන්තය හා එංගලන්ත කණ්ඩායම් විසින් හිමිකරගෙන තිබෙනවා.

The post දැල්පන්දු ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයේ වෙනසක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24