ශ්‍රීලනිප තනතුරුවලින් අවසාන බණ්ඩාරනායකවරියත් ඉවතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පත්කර තිබෙනවා.

ඒ මෙතෙක් එම තනතුරේ කටයුතු කළ මහින්ද අමරවීර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමඟයි.

ඊයේ රාත්‍රියේ රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මරදාන ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක් ද සංශෝධනයට ලක්කර තිබෙනවා.

ඒ අනුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු හෙබවූ අවසන් බණ්ඩාරනායකවරිය ලෙස සැලකෙන හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද තීරණය කර තිබෙනවා.

මීට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම පක්ෂ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පත්කර තිබෙනවා.

ඒ මෙතෙක් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම ධුරයෙන් ඉවත් කරමින්.

මේ මධ්‍යම කාරක සභා රැස්වීම අතරතුර එම ස්ථානයෙන් පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මාධ්‍යයට දැක්වූ අදහස්.

The post ශ්‍රීලනිප තනතුරුවලින් අවසාන බණ්ඩාරනායකවරියත් ඉවතට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24