මීටියාගොඩදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

මීටියාගොඩ, මහවෙල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී මීටියාගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කළ වෙඩි තැබීමක් අතරතුර මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

The post මීටියාගොඩදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24