විවාහ මංගල්‍යයට සූදානම්වන සංජානා ගමාරච්චි

මෑත කාලයේ ලංකාවේ ජනප්‍රිය නිළියක් වන සංජානා ගමාරච්චි මීට මාස හතරකට පමණ පෙර විවාහ ගිවිස ගත් බව ප්‍රසිද්ධ රහසක්. මේ වනවිට 26 හැවිරිදි වියේ පසුවන ඇය එහිදී විවාහ ගිවිසගෙන තිබුණේ ඕස්ට්‍රේලියාවෙහි ජීවත් වෙන අයෙකු සමගයි.

කෙසේ වෙතත් නැවතත් මාස හතරකට පමණ පසුව ඇයට සිය සැමියාව මුණගැහිලා තිබුණා. ඒ මැලේෂියාවේදී. ඒ බව ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුම්වල ඡායාරූප කිහිපයක් එකතුකොටමින් සටහන්කර තිබුණා.

සංජානා ළඟදීම ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ගන්නට සැලසුම් කරන බව මීට පෙර මාධ්‍ය වෙත කියා සිටියා. ඒ අනුව ඔවුන් දෙපළගේ මෙම හමුවීම ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට පෙර සූදානම් වීමක් වෙන්නත් පුළුවන් බවයි වාර්තා වෙන්නෙ.

…read more

Source:: Ape Rata