අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!

පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදහන් ව සිටි අපගේ මිත්‍රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම මෙතැනින් අවසන් ය.

මේ සිදුවීමේදී අත්දැකීමෙන් දැනගත් සහ අසා දැනගත් කාරණා අතරින් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට වැදගත් වේ යැයි සිතෙන කාරණා කිහිපයක් ගැන සඳහන් කරමි. ඔහුගේ මරණය සිදු වූයේ කෙසේද යන්න තහවුරු කිරීම නිලධරයන්ට භාර ය. එනිසා ඒ ගැන කිසිත් නොකියමි. දැන් අංජන වෙනුවෙන් කළ හැකි යමක් නැත.

මේ හෑල්ල අපේ අංජන ගැන නෙවෙයි , ඔබේ අංජන ගැන.

වෙනදා සෙනට් එකේදි මාව දැක්කම “අයියෙ මට ඔයත් එක්ක කතා කරන්න ඕන” කියන අංජන මේ පාර එහෙම කිව්වෙ නෑ. පොඩි පොඩි කතා ටිකක් කියලා හිනාවෙලා හිටියා. ඒ සියුම් වෙනස අඳුරගන්න මට බැරි උණා. මම ම අංජන ගාවට ගිහින් කතා කරන්න බලද්දි එයා බර කතාවක. එදා බ්‍රහස්පතින්දා මම free වෙද්දි එයා busy. එයා free වෙද්දි මම busy.

අංජන තමන්ගෙ ප්‍රශ්න කියන්න තෝරගත්ත පිරිසක් හිටියා. මා දන්නා තරමින් අංජන ඒ අයට කියලා තිබුණා සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි තියෙන බව. මානසික ආතතියකින් පෙළෙන කෙනෙක්ට සියදිවි හානි කර ගැනීමේ සිතිවිලි පහළ වෙලා තියෙන බව දැනගත්ත ම කරන්න කියලා පොත්පත්වල කියන විදියට ම මනෝ උපදේශනයකට යොමු කරන එක එයාලා කරලා තිබුණා. (මනෝ උපදේශනය හරියට උනාද කියන එක මම දන්නෙ නෑ)

නමුත්, මනෝ උපදේශකයා එක්ක ඉන්න පැය ගාණට වඩා අංජන මනෝ උපදේශකයා නැතුව ඉන්න පැය ගාණ වැඩියි. ඒ හින්දා අංජනට සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි පහළ වෙලා කියලා අංජන එක්ක සමීපව හිටපු කොල්ලෙක්ට හරි කියන්න තිබුණා කියන අදහස මගෙ හිතෙන් අයින් වෙන්නෙ ම නෑ. අදටත් සමහරු දන්නෙ නෑ “අඩෝ දැන් නම් මට මැරෙන්න හිතිලා තියෙන්නෙ” කියලා කිව්ව ම අපි ඌට හොරා ඌව හොඳින් තියාගන්න යටින් ගහපු ගේම. අංජනට සියදිවි හානිකර ගැනීමේ අදහස් තිබුණා කියලා එක කොල්ලෙක් දැනන් හිටියෙ නෑ. හැමදේම එළියට ආවේ අංජන අතුරුදහන් වෙලා කියන ආරංචියට පස්සෙ. එතකොට පරක්කු වැඩියි. මං හිතනවා කෙනෙක් suicide thoughts තියන බව …read more

Source:: Aithiya