විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්‍

ප්‍රතිඵල තහවුරු කර ගන්නේ මෙහෙමයි

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවය.

බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

The post විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්‍ appeared first on Aruna.

…read more

Source:: Derana Aruna