වෙලාවෙ හැටියට පන්සල් කලුවරේ තියෙන එක හොඳ දෙයක් – උපයෝගීතා සභාපති අනියත වටහා දෙයි

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රාත්‍රී කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අඩු විදුලි පරිභෝජනයක් ඇති විහාරස්ථාන සියල්ලම පාහේ නිසිකලට විදුලිබිල ගෙවා දමන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලී නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මහ නා හිමිවරුන් පෙන්වා දෙන්නේ මහජන සුබසිද්ධිය අරමුණු කර ගත් සාරධර්ම හා අධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන දායකත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එවැනි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ ගැඹුර අවබෝධ කර ගෙන අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස විහාරාධිපති වහන්සේලා දැනුවත් කරන බවත්, ශිෂ්‍ය පිරිස් හා දායකයින් ද ඒ සඳහා උනන්දු කරවීමට බොහෝ විහාරස්ථාන මගින් කටයුතු කරන බවත්, ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

විදුලිය මිල වැඩියි.. පිරිවෙන්වල උගන්වන්න බෑ.. රටපුරා පිරිවෙණ්වල ඉගැන්වීම නතර කරනවා..

විදුලිය භාවිතා කිරීම සඳහා පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය මත රට පුරා පිහිටි සියලු පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු නතර කර දැමීමට සිදුව ඇතැයි වල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද හිමියෝ පැවසූහ.

විදුලි බිල ඉහළ යාමෙන් ඊට අධික වියදමක් දැරීමට සිදු වීම මත මෙම ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇත.

අධ්‍යන කටයුතු සිදුකරන ශාලා තුළ සෑම දිනකම පෙරවරුවේ සිට පස්වරු දක්වා විදුලි බුබුළු දල්වා තැබීමට සිදු වන බවත් පෙරට වඩා අධික මිලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ පැවසූහ.

ඒ නිසා අධ්‍යයන කටයුතු නතර කර ගැනීම හැර හැර විකල්පයක් නැති බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනඥයන්ගේ අර්බුද හා විවිධ කරුණු කාරණා මත විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුවට වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පලි නොමැති බවද උන්වහන්සේ කියා සිටියහ.

විදුලි බිල වැඩි කිරීමත් සමග පිරිවෙන් ආශිතව සිදුකරන අධ්‍යන කටයුතු වලට සිදුව ඇති බලපෑම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව …read more

Source:: Ape Rata