පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක් – දිනකට ලක්‍ෂ දෙකක්…!

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙම අධික විදුලි බිල පියවා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තියට යොමුවන ලෙස ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුවට පුනර්ජනනීය බල ශක්තිය යොමු වීමට හැකියාව තිබෙන බවත් නමුත් සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට වුවද විදුලිබල මණ්ඩලය ඔස්සේ මුල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

අතීතයේ සිටම පන්සල්වල  ලොකු සමාජ සේවයක් කරනවා – විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එමගින් උන් වහන්සේලා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන මගින් සිදුවන සමාජ ශාසනික සේවාව මෙම විදුලි බිල නංවෑම මගින් අවතක්සේරුවට ලක් කර ඇති බවත් ලාභය පදනම කරගත් කර්මාන්ත ශාලාවන් සඳහා සහන සලසීමක් කර ඇති බවයි.

එමෙන්ම අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද උන් වහන්සේලා පෙන්වා දෙති.

…read more

Source:: Ape Rata