රට ස්ථාවර වන තුරු ‘රොබින් හුඩ් ආර්ථිකයක්’ – මහ බැංකු අධිපතිගෙන් ‌‌ප්‍රකාශයක්

මූල්‍යාධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබුණහොත් රට ආර්ථික වශයෙන් ස්ථායි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ආර්ථික සම්මන්ත්‍රණයකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, ඉන් සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට ජනතාවට හැකි වනු ඇති බවට ද තමන් විශ්වාස කරන බව ය.

ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දීමට ද්විපාර්ශික ණය හිමියන් සහතිකයක් ලබා දෙන්නේ නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එය විධායක මණ්ඩලයට ඉදිරිපත් කර ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් ලබා දීමට කටයුතු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

එම සියලු ම ණය හිමියන් සාමූහිකව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහය වීමට කැමැත්තෙන් සිටින බව ත් එලෙස ඔවුන්ගෙන් සහතිකයක් ලබා ගැනීම තීරණාත්මක බව ත් වීරසිංහ මහතා පැවසීය.

ඒ අනුව, එම පියවර එළඹෙන සිකුරාදා දින සිට ආරම්භ කරන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

“පෞද්ගලිකව මම හිතන්නේ ඔවුන් අපගේ මිත්‍ර රටවල්. රටේ ඇතිවූ අර්බුදකාරී අවස්ථාවලදී සෑම විට ම අපිට උදව් කරලා තියෙනවා. අපි සංසන්දනාත්මකව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු අතර එවිට ඔවුන් අපිට කඩිනමින් එම සහතිකය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා දෙන්නේ කවදා ද? යන්න පිළිබඳව විවිධ අය ප්‍රශ්න කරන අතර එය රඳා පවතිනනේ ජාත්‍යන්තර ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට සහතිකය ලබා දෙන කාලය මත බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

“අපිට යම් කාලයක් අමාරුවෙන් ගත කරන්න වේවි. ඒකයි අපි අපේ ජීවිත හැඩගස්වා ගන්න ඕනේ. රටේ ආර්ථිකය දැන් සංකෝචනය වෙමින් තියෙන්නේ. අපිට අපේ ආනයනය අඩු කරගන්න වෙනවා අපනයනය ආදායමෙන් කළමනාකරණය කරගත හැකි මට්ටමට. ඒ වගේ ම ඉහළ පොළී අනුපාත කළමනාකරණය කර ගැනීම මෙන් ම ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කර ගන්න ඕන. දුප්පත් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කර ගන්න අතරේ ඒ වෙනුවෙන් අනෙක් අයට වේදනාව බෙදා හදා ගන්න වේවි මෙම ක්‍රියාවලිය සිදු වන කාලය තුළ. වේදනාව අවම මට්ටමේ පවත්වා ගන්න තමයි අපි අමාරු තීරණවලට එළඹුණේ. …read more

Source:: Lanka Target