දුම්වැටි සහ මධ්‍යසාර ප්‍රචාර පිළිබඳ රජයෙන් තීරණයක්

දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව අන්තර්ජාල ප‍්‍රචාරයන් වැළැක්වීම සඳහා දැඩි පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව ඍජු හෝ වක‍්‍ර ප‍්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති බවයි.

එය හඳුන්වා දී ඇත්තේ ජංගම යෙදවුම් මාධ්‍ය උල්ලංගණය කිරීම් හෙවත් VNATA මොබයිල් ඇප්ලිකේෂන් මීඩියා වයලේෂන් ලෙසයි.

මෙම වසරේ මුල් මාස අට තුළ අන්තර්ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ආකර්ෂණ දැන්වීම් 169 ක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මඟින් හදුනාගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයට ඇබ්බැහිවූවන් මුදා ගැනීම සඳහා උපදේශන සේවාවන් ද රජය මඟින් මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති බවයි.

The post දුම්වැටි සහ මධ්‍යසාර ප්‍රචාර පිළිබඳ රජයෙන් තීරණයක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24