ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ – සාගල

Q ඔබ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලෙසත් වගකීම් දරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක තනතුර අපේ රටට අලුත් දෙයක්. අපි එතනින් කතාව පටන් අරගමු.?

මෙතැනදී බොහෝ අය නොදැනුවත්ව වැරදි විදිහට මේ තනතුර අර්ථ කථනය කරනවා. මේ තනතුරේ වගකීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ රාජකාරිය හෝ නැත්නම් ආරක්ෂක අමාත්‍යවරයාගේ, ආරක්ෂක ලේකම්ගේ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රාජකාරිය කිරීම නෙවෙයි. මේක ජාත්‍යන්තරය සමඟ ඇතිකරගන්න ආරක්ෂක සබඳතා , ඊට අදාළ න්‍යායන්, අලුත් තත්ත්වයන් සමඟ ගොඩනැගෙන රාජකාරියක්. එහි වැඩකටයුතු රාශියක් තිබෙනවා.

දැන් බලන්න අපේ රටේ පිහිටීම, අපේ රටේ පිහිටීම ඉන්දීය සාගරයේ තීරණාත්මක තැනක තියෙන්නේ. ඉතාම කාර්ය බහුල නාවුක මාර්ග, විශාල සාගර කලාපය, ඒ වගේම අපි දූපත් රාජ්‍යයක්. මේ විදිහේ විශේෂ කරුණු කාරනා රැසක් නිසා ආරක්ෂාව යන්න සුවුශේෂී වැදගත්කමක් දරනවා. ඒ සම්බන්ධයෙන් අත්හරින්න බැරි වගකීමක් අපිට තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වෙන්න පුළුවන්, ත්‍රස්ත කටයුතු , මුහුදු මංකොල්ල , මුදල් විශුද්ධිකරණය ඇතුළු මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම කටයුතු කරන්න වෙනවා.

අපේ ත්‍රිවිධ හමුදා වර්තමානයට සහ අනාගතයට සූදානම් කරන්නේ කොහොමද ? උදාහරණයක් ලෙස ගුවන් හමුදාව නවීකරණය කරන්නේ කොහොමද ? නාවික හමුදාව නවීකරණය කර Blue-water navy වගේ තැනකට ගන්නේ කොහොමද ? ජාත්‍යන්තරය සමඟ කොහොමද සම්බන්ධ වෙන්නේ ? ඒ වගේම ජනාධිපතිතුමාගේ බොහොම වැදගත් වැඩසටහනක් තියෙනවා, “2030 – ආරක්ෂාව” කියලා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න කටයුතු කරන්න තිබෙනවා.

ඒ වගේම තමයි දැන් බලන්න අපේ තිබෙන ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැති නෑ. ඒ වගේ යල්පැන ගිය දෙවල් වෙනස් කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රටේ ආරක්ෂක සුරක්ෂිත භාවය, පරිසරය පවා ජාතික ආරක්ෂාවට වැදගත්, ඒ දේවල් පවා මේ විෂය යටතේ ආවරණය වෙනවා.

Q : ඒ කියන්නේ ඔබ බොහෝ කාර්ය බහුල වෙලා ඉන්නේ ?

A : සාමාන්‍යයෙන් මට වැඩ කරලා පුරුදුයි. වගකීමක් තියෙනකොට වැඩකටයුතු වැඩි වෙනවා. වගකීමක් නැති කාලෙත් නිකන් හිටියේ නෑ. ගම දියුණු කරන්න පක්ෂය ගොඩනගන්න වැඩ කටයුතු කරලා තියෙනවා. තනතුරු හැමදාම නෑ. හැබැයි අපි හැමදාම වැඩ කරනවා.

Q : ආණ්ඩුවට බරපතළ චෝදනාවක් …read more

Source:: News Tube