“ශ්‍රී ලංකාවේ මිලියන 6ක් කුසගින්නේ” බස්නාහිර ඇතුළු පළාත් 6ක් අවදානම්!

ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන වන අතර ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍ය වන බව ලෝක ආහාර වැඩසටහන උපුටා දක්වමින් ReliefWeb වෙබ් අඩවිය පවසයි.

1996 වසරේදී ආරම්භ කරන ලද මානුෂීය තොරතුරු ඇතුළත් ReliefWeb වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ අර්බුදය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවේ දැක්වෙන්නේ, මෙරට මිලියන 5.3ක පමණ ජනතාවක් ආහාර වේල් අඩු කිරීම හෝ ආහාර ගැනීම මගහරිමින් සිටින අතර අවම වශයෙන් පුද්ගලයන් 65,600ක් දැඩි ආහාර අනාරක්ෂිත තත්ත්වයක සිටින බව ය.

ඉහළ උද්ධමනය, ජීවනෝපාය අහිමි වීම්, ක්‍රය ශක්තිය දුර්වල වීම සහ ආහාර, ඖෂධ, ඉවුම් පිහුම් ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය හේතුවෙන් මෙම තත්ත්වය ඉදිරියේදී වඩා ත් නරක අතට හැරෙනු ඇතැයි ReliefWeb වාර්තාවේ සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ බාහිර ආධාර නොමැතිව, පවතින ආර්ථික අර්බුදය සහ සහල් වැනි ප්‍රධාන ආහාරවල දුර්වල අස්වැන්න හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි දක්වා කාලය තුළ තවදුරට ත් පිරිහෙනු ඇති බව ය.

අහස උසට නැගෙන ආහාර මිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට අපහසු වන බව ලෝක ආහාර වැඩසටහන උපුටා දක්වමින් අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

ReliefWeb වාර්තාව පෙන්වා දෙන්නේ, මෙරට මිලියන 6.7ක පමණ ජනතාවක් ප්‍රමාණවත් ආහාර වේලක් පරිභෝජනය නොකරන අතර මිලියන 5.3ක ජනතාවක් දිවා කාලයේදී ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන බව ය. එමෙන් ම, පවුල්වලින් සියයට 60කට වඩා අඩු, ලාභදායී සහ අඩු පෝෂ්‍යදායී ආහාර අනුභව කරන බව ද එහි දැක්වේ.

එහි තවදුරට ත් දැක්වෙන්නේ, රජය දැඩි මූල්‍යමය බාධාවන් හේතුවෙන් මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පාසල් ආහාර සහ පෝෂණ වැඩසටහන් අඩු කිරීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බව ය.

මන්දපෝෂණ තත්ත්වය ශ්‍රී ලංකාවේ ළමුන්ගේ වර්ධනයට ද දැඩි ලෙස බලපෑම් කර ඇති අතර ඉදිරියේදී එම තත්ත්වය තවදුරට ත් දරුණු වනු ඇතැයි එමගින් අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් අඩකට දැනටමත් හදිසි ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇතැයි අදාළ වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මේ අතර, ලෝක ආහාර …read more

Source:: Colombo Tribune