ලංකාවේ සනීපාරක්ෂ තුවා ප්‍රශ්නය විසඳීමට ඉන්දියාවේ “Padman”ගෙන් උදව් ඉල්ලයි! [VIDEO]

ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂ තුවා නිෂ්පාදනය කිරීමේ මධ්‍ය කාලීන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ ‘Padman’ නමින් ප්‍රචලිත අරුනාචලම් මුරුගනාදම් සමග සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (සැප්. 20) පාර්ලිමේන්තුවේදී ප්‍රේමනාත් සී. දොලවත්ත, රෝහිණී කවිරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“සනීපාරක්ෂක සම්බන්ධව දීර්ඝ වශයෙන් මේ වෙනකොටත් කථිකා කිහිපයක් විශේෂයෙන් ම ස්වාධින කණ්ඩායමක් සහ එන්.ජී.ඕ හරහා මල්ෂා කුමාරණතුංග මැතිනියත් තවත් කණ්ඩායමක් එකට එක්කාසු වෙලා ඉන්දියාවේ අර ඔබතුමා (විපක්ෂ නායක) ම යෝජනා කරපු ‘Padman’ කියන ආයතනයත් සමග සාකච්ඡා කරලා මේ වෙනකොට මේ රටේ නිෂ්පාදනය ඇති කිරීමේ මැද කාලීන වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වෙමින් පවතිනවා.”

එය සමාජයේ සාකච්ඡාවට ගත යුතු ගැටලුවක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

“මොකද මේක අපේ සමාජයේ, අපේ සංස්කෘතියේ සමහර විට ඒ තරම් අවශ්‍යතාවකින් කතා කරන ප්‍රශ්නයක් නොවුණත් ඇත්ත වශයෙන් ම අවශ්‍යතාවක් තියෙනවා. පාසල් දරුවන්ගේ ප්‍රශ්නය බලනකොට ත් ඊට බාහිරව බලනකොට ත්.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළේ, සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සලකන බැවින් විදෙස් රටවලින් ආනයනය කරන සනීපාරක්ෂ තුවා මිල දී ගැනීම සඳහා සහල් සේරු දෙක තුනක් මිල දී ගැනීමට යන වියදම යන බව ත් ය.

total views 6

The post ලංකාවේ සනීපාරක්ෂ තුවා ප්‍රශ්නය විසඳීමට ඉන්දියාවේ “Padman”ගෙන් උදව් ඉල්ලයි! [VIDEO] appeared first on Colombo Tribune.

…read more

Source:: Colombo Tribune