ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු බවයි.

ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරතව ඇති අතර උන් වහන්සේ විසින් ජනාධිපතිවරයාට සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කර තිබෙනවා.

The post ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24