විදේශීය ශ‍්‍රමිකයින් සඳහා වන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍රය නිකුත් කෙරේ

විදෙස්ගත ශ‍්‍රමිකයන් නීත්‍යානුකූල බැංකු ක‍්‍රමය හරහා මෙරටට මුදල් එවීමේ දී ලබා දෙන විශේෂ වාහන ආනයන අවසරය යටතේ වන පළමු බලපත‍්‍රය අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ප‍්‍රදානය කර තිබෙනවා.

මෙම පළමු වාහනය ගෙන්වා ගත් විදෙස් ගත ශ‍්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයෙකු වෙත මෙම බලපත‍්‍රය නිකුත් කළ බවයි විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කලේ.

කෙසේවෙතත් මෙම අවසරය හිමිවන්නේ විද්‍යුත් වාහන සඳහා පමණක් වන අතර ඒවා භාවිත නොකළ හෙවත් ධාවන දුර කිලෝමීටර 0 ලෙස දැක්වෙන වාහන වීම අනිවාර්යය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

The post විදේශීය ශ‍්‍රමිකයින් සඳහා වන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍රය නිකුත් කෙරේ appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24