පොහොර මිල හෙට සිට පහළට

ආනයනික යූරියා සහ තේ වගාව සඳහා යොදා ගන්නා පොහොර බෑගයක මිල හෙට සිට පහළ දැමීමට ආනයනික සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග‍්‍රෑම් 50 යූරියා පොහොර බෑගයක මිල රුපියල් දස දහසකින් පහළ දමන බවයි පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික නන්දන සමරකෝන් මහතා ප‍්‍රකාශ කලේ.

මීට අමතරව තේ වගාව සඳහා යොදා ගන්නා කිලෝග‍්‍රෑම් 50 පොහොර බෑගයක මිල පහළ දැමෙන්නේ රුපියල් දහසකින්.

යූරියා කිලෝග‍්‍රෑම් 50 පොහොර බෑගයක් මේ වන විට සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් තිස් දහසක මිලකට අළෙවි වන අතර තේ පොහොර බෑගයක් රුපියල් 39 දහසක මිලකට අළෙවි වනවා.

The post පොහොර මිල හෙට සිට පහළට appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24