බස් සංගම් කිහිපයක් අද මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක.

QR ක‍්‍රමය යටතේ ප‍්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බව පවසමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරතවනු ඇති.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සතියකට ඩීසල් ලීටර් 40ක් බස් රථ ධාවනයට ප‍්‍රමාණවත් නොවන බවයි.

The post බස් සංගම් කිහිපයක් අද මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක. appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24