නුවරඑළියට ආපදා රැසක්

නුවරඑළිය දිස්ති‍්‍රක්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ පස්කඳු කඩා වැටීම් සහ නායයෑමේ සිද්ධීන් රැසක් වාර්තා වනවා.

ශ්‍රී පාද නල්ලතන්නිය මෝහිණී ඇල්ල අසළ අද අළුයම සිදු වූ නාය යෑමකින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

පොලිසිය පැවසුවේ අයහපත් කාළගුණයත් සමඟ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර නල්ලතන්නිය – මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ රිකාටන් ප‍්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් ද මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

The post නුවරඑළියට ආපදා රැසක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24