සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් මෙරටට එන දිනය

ලබන ජනවාරි 18 වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර, ලබන 22 වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඩොලර් නොමැති වීම හේතුවෙන් සිමෙන්ති ආනයනයේ දී ගැටලු මතු වී ඇති බවයි ඔවුන් පැවසුවේ.

එමෙන්ම සිමෙන්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ හේතුවෙන් සමහර ප්‍රදේශ වල පාලන මිලට වැඩියෙන් ද සිමෙන්ති අලෙවි වන බවයි පාරිභෝගිකයන් චෝදනා කළේ.
(colombotimes.lk)

The post සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් මෙරටට එන දිනය appeared first on Colombo Times.

…read more

Source:: Colombo Times