අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකෙන් එක එළිදරව් වෙමින් පවතිනවා – කාදිනල් හිමිපාණන්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඊයේ දිනට (14) දින 1,000කි.

විපතට පත්වූවන් සිහිපත් කරමින් රාගම තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ය.

එය සංවිධානය කර තිබු‌ණේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා විපතට පත්වූ පවුල්වල සාමාජිකයින්ද මේ දේව මෙහෙයට සහභාගී විය.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

නායකයෝ තේරුම් ගත්තේ නැතුවට නායකයෝ ඒ අයව අමතක කරලා දැම්මාට බලයට ආවාට පස්සේ මේ රටේ ධනය පාන් පෝලිමේ , ගෑස් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ ඉන්න අය පොහොර නැතුව කුඹුරු විනාශ වෙනවා දකිමින් හූල්ලන අය මාසයේ වේතනයෙන් දරුවන්ගේ බඩගින්න නිවන්නට බැරිව ලතවෙන අය හතර වටේටම ණය වෙලා කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්න අය ඒ හැඟීම් හැම එකක්ම දෙවියන් වහන්සේට පේනවා සහෝදරවරුනි .අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකෙන් එක එළිදරව් වෙමින් පවතින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි .ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අප හැමෝටම පෙනෙන්නට පටන් අරන් තියෙනවා. ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පුපුරන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදී විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් හැදුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ .ඒ ඇත්ත කථාව යටපත් කරන්න කී දෙනෙක් උත්සහ කළාද? ඒත් එහෙම කරන්න ඒ අයට පුළුවන් වුණාද? යට ගහන්න හදන තරමටම එය මතුපිටට එනවා. දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ.මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලියි .අන්තවාදින් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයින්ට ඕන කලේ කොහොමහරි දේශපාලන වාසි ලබාගැනිමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වී තිබෙනවා .ඒ ගැන සොයන්න පත් කරපු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඒ ගැන කියලා තියන දේ මෙන්න .කිහිප දෙනෙකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතල කරුණු සොයාගැනීම් …read more

Source:: News Hub